නෑදෑයින් 160ක් පිරිවරාගෙන කොරෝනා සීමා මඟ හැරීමට චෙන්නායි යුවලක් ගුවනේදී විවාහ මංගල උත්සවය ගත් හැටි

තුන්ලක්ෂයකට අධික කොරෝනා මරණ වාර්තා වූ 03 වන රට බවට පත්ව ඇති ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මේ වනවිට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මකයි.

තමිල්නාඩු ප්‍රාන්තයද මේ වනවිට වසා දමා ඇති අතර, එහි විවාහ මංගල්‍යය උත්සව සිදුකළ හැක්කේ දැඩි සීමාවන්ට යටත්වයි.

එම සීමා වළක්වා ගැනීම සඳහා චෙන්නායි හි යුවලක් ගුවනේදී සිය විවාහ මංගල්‍යය පැවැත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔවුන් ඒ සඳහා ස්පයිස් ජෙට් ගුවන් සේවයේ ජෙට් යානයක් කුලියට ලබාගෙන ඇති අතර, එය බැංගලෝරය වෙත ගමන් කර තිබෙනවා.

යුවල විවාහ ගිවිස ගැනීම ඇතුළු සියලු කටයුතු සිදුකර ඇත්තේ ගුවන් යානය තුළයි.

ඒ සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 160 දෙනෙකු යානය තුළ සමීපව ගමන් කළ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44