නැව් සමාගම් ඉන්ධන ප්‍රවාහන නැව් ලබාදීමට බැහැ කියයි

ඉන්ධන සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට හිඟ ණය වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් ගෙවීමට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මඟින් රජයට දැනුම් දී තිබෙනවා.

අදාල හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් ඇතැම් ඉන්ධන සැපයුම්කරුවන් ඉන්ධන සැපයීම් කොන්ත්‍රාත්තු අවලංගු කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බායි වාර්තා වන්නේ.

මුදල් ගෙවීමට නොහැකිව, දිගු කාලයක් ඉන්ධන නැව් මුහුදු සීමාවේ රඳවා තබා ගැනීමට සිදු වීම හේතුවෙන් ඇතැම් නැව් සමාගම් නැව් ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද එහිදී දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය හමුවේ අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබාගැනීමට සිදුවනු ඇති බවයි.