නැවත හිස ඔසවන කොරෝනා – පාසල් ළමයින් 44කට කොවිඩ්

තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඊයේ (31 වැනිදා) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත.

මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46) පුද්ගලයන් සියදෙනකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, පදවිය, තඹුත්තේගම යන ප්‍රදේශවල පසුගිය දින පහක කාලය තුළ සිදුකරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පාසල් ළමයින් 44 දෙනකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එස්.බී. රත්නායක පවසයි.

ඔවුන් අවුරුදු පහත් දහයත් (5-10) අතර වයස් කාණ්ඩයේ පසුවන ළමයින් බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර මොනරාගල බඩල්කුඹුර සහ බිබිල ප්‍රදේශවල පදිංචිව සිටි ගුරුවරියක් ඇතුළු සිව්දෙනෙකු කොවිඩ් ආසාදිත වී මියගොස් ඇත. මෙම ගුරුවරිය කාත්තන්කුඩි මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

මේ අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් තුන්දෙනකු හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා වැලඳී ඇත.

මේ අතර මොනරාගල සහ බිබිල ප්‍රදේශවලින් පෙරේදා (30 වැනිදා) කොවිඩ් 19 රෝගීන් 47 දෙනකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

බිබිල සහ මැදගම ප්‍රදේශවලින් කොවිඩ් 19 රෝගීන් 19 දෙනකුද මොනරාගල, බඩල්කුඹුර සහ ඔක්කම්පිටිය ප්‍රදේශවලින් රෝගීන් 28 දෙනකුද හමුවී ඇත.

මීට අමතරව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 32ක් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසුවේය.

තවද නිවෙස් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන අරුණට පැවසුවාය.

ඊයේ (31 වැනිදා) පස්වරුව වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොව්ඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාරදහස් එකසිය තිස්පහක් (4135) වන අතර එය පසුගිය සතියට සාපේක්ෂ්ව වැඩිවීමක් බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

පසුගිය 27 වැනිදා වන විට නිවෙස් ගත ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්දහස් හාරසිය හැට නවයක් (3469) ක් ලෙස වාර්තා විය.

එසේම ඊයේ (31 වැනිදා) පෙරවරුව වන විට ගතවූ පැය විසි හතර තුළ නිසේවල ප්‍රතිකාර ලැබීම සඳහා 1390 දුරකථන අංකයට කොවිඩ් ආසාදිතයන් තුන්සිය විසි හත්දෙනෙකු (327) ලියාපදිංචි වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28