නැවත සමීක්ෂණයෙන් උඩු යටිකුරු වූ ප්‍රථිපලය

අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු ප්‍රතිඵල පසුගියදා නිකුත් කෙරුණා. එහිදී මහනුවර සිසුවෙක් ගේ C සාමාර්ථය, නැවත සමීක්ෂණයෙන් අනතුරුව A සාමාර්ථයක් දක්වා වෙනස් වීමේ පුවතක් වාර්තා වූ අතර එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුවා.

එම සිදුවීමට මුහුණදී තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන සිසුවාගේ සංයුක්ත ගණිත විෂයට අදාළවයි.

ගණිත අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති මෙම සිසුවාට එම විෂය සඳහා ලැබී තිබුණේ C සාමාර්ථයක් වන අතර රසායනික විද්‍යාව සහ හෞතික විද්‍යාවට A සාමර්ථ ලැබී ඇත.

මෙම ප්‍රතිඵල අනුව සිසුවාගේ ඉසෙඩ් ලකුණ 2.0084 වී ඇති අතර, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම 68 සහ දිවයිනේ ශ්‍රේණිගත කිරීම 966ක් බවට පත්ව තිබෙනවා.

C සාමාර්ථය A සාමාර්ථයක් දක්වා වෙනස් වීම නිසා ඉසෙඩ් ලකුණ 2.5538ක් දක්වා ද ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් 12 සහ 124 දක්වාත් වෙනස් වී ඇත.

නැවත සම්ක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලද අයඳුම්පත් 48,000කට අධික ප්‍රමාණයකින් තුන්සිය 329 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස්වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16