නැවත පරාජය වැලඳගත් ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරඟය පහසුවෙන් ජය ගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 07කින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 262ක්.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 04කදී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඉන්දියාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර අද දිනයේ ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් ඉෂාන් කිෂාන් සිය මංගල එක්දින අර්ධ ශතකය රැස්කරමින් වේගවත් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 49කට කඩුලු 02ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් ඉන්දීය කණ්ඩායමේ එක් කඩුලක් දවා ගත්තා.මෙම ජයත් සමඟ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28