spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවත දැනුම්දෙනතුරු වසා තැබෙන ප්‍රදේශය මෙන්න

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ඇතිවූ වර්ෂාපතනයත් සමග එම කොටස නායයෑමට ලක්වුණා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා,

“ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සහ ගරු ආණ්ඩුකාරතුමත් සම්බන්ධ වුණා ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමන්ලත් සම්බන්ධ වුණා. ඒ අය අපට දැනුම් දුන්නා මේ සම්බන්ධව දැනට අවදානම් සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරියත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයත් ඒකාබද්ධව ඉදිරියේ දී ගතයුතු තීරණය අමාත්‍යාංශයට දැනුම් දුන්නාට පසුව මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව. දැනට එම තීරණය ගන්නා තුරු තාවකාලිකව මාර්ගය වසා තැබෙනවා. විශේෂඥ කණ්ඩායම්වල තීරණය අනුව ඉදිරියේ දී අමාත්‍යාංශය විසින් තීරණයක් ගනී. දැනට අපි කලින් කිව්ව විදියට මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ හරහා මාර්ගයත්, අඹේපුස්ස – අලව්ව – පොල්ගහවෙල මාර්ගයත් තමා විකල්ප මාර්ග ලෙස හඳුන්වා දී තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?