spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතුණු පෙම් හබය නිසා කළුතර – ගාලුපාරේ ගුටි කෙළියක් (ඡායාරූප)

ගාලුපාරේ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක දී පහරදීමක් සිදුව තිබෙනවා.

හෙල්මට් සහ තියුණු ආයුධවලින් සිදුකළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර, කලමුල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.

කුඩා ලොරි රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් සහ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ පිහිටි රාත්‍රී ආපනශාලාවකින් ආහාර ලබාගැනීම සඳහා පැමිණ සිටි තිදෙනෙකුට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම සබඳතාව දැනට ටික කලකට පෙර නවතා දමා ඇති අතර, තරුණයා විසින් දිගින් දිගටම අදාළ තරුණියට විවිධ බලපෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා සහ තවත් තරුණයින් දෙදෙනෙක් කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ පිහිටි රාත්‍රී ආපනශාලාවකින් ආහාර ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී තරුණියගේ පියා ඇතුළු ඥාතීන් පිරිසක් කුඩා ලොරි රථයකින් හා යතුරුපැදියකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සබන්ධයෙන් දකුණු කළුතර පොලීසිය සහ කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?