නැවතුණු පෙම් හබය නිසා කළුතර – ගාලුපාරේ ගුටි කෙළියක් (ඡායාරූප)

ගාලුපාරේ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක දී පහරදීමක් සිදුව තිබෙනවා.

හෙල්මට් සහ තියුණු ආයුධවලින් සිදුකළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර, කලමුල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක්.

කුඩා ලොරි රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් සහ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ පිහිටි රාත්‍රී ආපනශාලාවකින් ආහාර ලබාගැනීම සඳහා පැමිණ සිටි තිදෙනෙකුට මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම සබඳතාව දැනට ටික කලකට පෙර නවතා දමා ඇති අතර, තරුණයා විසින් දිගින් දිගටම අදාළ තරුණියට විවිධ බලපෑම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා සහ තවත් තරුණයින් දෙදෙනෙක් කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ පිහිටි රාත්‍රී ආපනශාලාවකින් ආහාර ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී තරුණියගේ පියා ඇතුළු ඥාතීන් පිරිසක් කුඩා ලොරි රථයකින් හා යතුරුපැදියකින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සබන්ධයෙන් දකුණු කළුතර පොලීසිය සහ කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
4
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37