spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතුණු දුම්රිය යළි ගමන් අරඹයි – ගාල්ල දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

නවතා දමා තිබූ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව මේ වනවිට මහනුවර සිට දුම්රියක් කොළඹ බලා ධාවනය කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (08) රාත්‍රියේ නිවේදනය කළා.

මේ අතර මේ වනවිට ගාල්ල දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

කොළඹට පැමිණීම සඳහා තවමත් දුම්රියක් නොමැතිවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට කොළඹට එන දුම්රිය දිගටම නතර කිරීමට හේතුවක් නොමැති බවයි.

දිගින් දිගටම දුම්රිය නැවැත්වීම සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ගමන් කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් සිදුකරන බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?