නැවතුණු දුම්රිය යළි ගමන් අරඹයි – ගාල්ල දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

නවතා දමා තිබූ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව මේ වනවිට මහනුවර සිට දුම්රියක් කොළඹ බලා ධාවනය කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (08) රාත්‍රියේ නිවේදනය කළා.

මේ අතර මේ වනවිට ගාල්ල දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

කොළඹට පැමිණීම සඳහා තවමත් දුම්රියක් නොමැතිවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට කොළඹට එන දුම්රිය දිගටම නතර කිරීමට හේතුවක් නොමැති බවයි.

දිගින් දිගටම දුම්රිය නැවැත්වීම සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ගමන් කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් සිදුකරන බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53