නැවත් හිඟ වෙන ගෑස්

වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇතැයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසයි.

ගෑස් අලෙවි නියෝජිතයින්,
“අපි දැන් අහන්නෙත් නෑ… හොයන්නෙත් නෑ… ආවොත් විකුණනවා. නැත්නම් නිකන් ඉන්නවා.”

“මම ගෑස් කඩේ මුදලාලි වෙලා දැන් මට නෑ. මම ගියා කිලෝමීටර් 15ක් 20ක් හැරිලා ආවා ගෑස් එකක් නැතුව.”

“ගෑස් නැත්තටම නැති කරලා. අපි කඩවල් ඇරගෙන ඉන්නවා දවස් ගානක් ගෑස් එයි කියලා ගෑස් ආවේ නෑ.”

ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවය.

ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඉදිරි දින 3 තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී බේකරි 75% වසා දැමීමට සිදුවන බව කුඩා හා මහා පරිමාණ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.මේ අතර ගෑස් හිඟය ඇතුළු ගැටලු වහා විසඳන ලෙස රජයට බලකෙරෙන විරෝධතා කිහිපයක්ම ඊයේ සහ අද පැවැත්වුණි.

උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසය. ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගෙන් මාධ්‍ය විමසූ විට ඔහු පැවසුවේ මෙය තමන්ට අදාළ නොවන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24