spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් මෙරට සියළු ජනතාවට අවධානමක්

බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතු වී ඇති බවත් මේ වනවිටත් ඩෙංගු රෝගීන් 80ක් පමණ වාර්තා වී ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා පවසයි .

මේ වනවිටත් බදුල්ල ගල්කන්ද , ඔලියමංඩිය , සුවිනීතගම , තොලබෝගස්වත්ත , පිටවෙලගම ප්‍රදේශ වලින් මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බවද හෙතෙම කීය .

බදුල්ල ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවී ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් තිබෙන බව පවසන බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක රනිල් ප්‍රියංකර මහතා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර නිවෙස් අවට ජලය එක් රැස්වීමට ඉඩ නොතබා නිතරම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසටද ජනතාවට දැනුම් දෙයි .

තවද රට පුරා බොහෝ ස්ථානවල මෙම ඩෙංගු අවදානම පැතිර යමින් පවතින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?