නැවතත් කණ්ඩායමට පැමණීම ඉලක්කයක් – ලසිත් ඇඹුල්දෙණිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තම ප්‍රධානම සැලසුම වී ඇත්තේ හොඳින් දක්ෂතා අතරට පැමිණ යළිත් ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම වන බව වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය පවසනවා.

තරගාවලිය ආරම්භ කරමින් කලම්බු පිළට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 10ක් දවා ගත් ඇඹුල්දෙණිය කැන්ඩි කණ්ඩායමට ඉනිමක ජයග්‍රහනයක් කරා රැගෙන යෑමට ප්‍රධාන දායකත්වයක් දැක්වූවා.

එම තරගයේ මුල් ඉනිමේදී ලකුනු 60කට කඩුලු 5ක් දවා ගත් ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් සමස්ථ තරගයේදී ලකුණු 87 කට කඩුලු 10 ක් බිඳ හෙළුවා.

“පළමු දිනයේදී පොඩි තෙත් ගතියක් තිබුණා තණතීරුවේ. නමුත් ඒක අවුවත් එක්ක හරි ගියා. පන්දු යවන්නන්ට එය එතරම් සහයක් නොදුන්නත් අප ඒ තණතිල්ලෙන් හොඳට ප්‍රයෝජන ගෙන කඩුලු දවා ගත්තා. අපි දෙවන දිනයේ සිට ලකුණු 565ක් රැස් කිරිමෙන් එය පිතිකරුවනට ද ඉතා යහපත් බව සනාථ වුණා” යනුවෙන් ඇඹුල්දෙණිය ප්‍රකාශ කළා.

නැෂනල් සුපර් ලීග් ප්‍රථම තරගයේදීම කඩුලු දහයක් දවා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව කී ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ තරග කිහිපයට සහභාගි වී ජාතික පිලට ඇතුලු වීම තම අපේක්ෂාවක් බවයි සඳහන් කළේ.

“කළම්බු පිතිකරුවන්ට ඉනිම දෙකේදීම දීර්ඝ සබඳතා තබා ගැනීම අප කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නෑ. දින තුනහමාරකදී තරගය නිමා කිරීමටත් අපට අවස්ථාව සැළසුණේ ඒ නිසයි. මෙවැනි තරගාවලියන්ගෙන් අත් දැකිම් බහුලව ලබා ගැනීමට අවස්ථාව උදාකරදීම පිළිබඳ ක්‍රිකට් ආයතනයට ස්තුති වන්ත වෙනවා” ඇඹුල්දෙණිය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ඇඹුල්දෙණියට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවුයේ නැහැ. එම තරගයේදී ඔහු පන්දුවාර 15 ක් යැව්වත් එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ අතර මෙම තත්ත්වය මතයි ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබුවේ. ‌

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 17 කදී කඩුලු 71 ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.77ක් රඳවා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51