spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවකට යන්න ආ සිරියානු ජාතිකයෙක් ගුවන් තොටුපොළේදී ආපසු හරවා යවයි

වෙළෙඳ නාවිකයන් සඳහා සිය අනන්‍යතාවය තහවුරු කිරීමේ හැදුනුම්පත ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන ” අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය ” ( Continues Discharge Certificate ) නොමැතිව ත්‍රිකුණාමලය වරායේ නවතා ඇති නැවකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජර්මාණු සරණාගත භාවය හිමි නාවිකයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රට තුළට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ආපසු හරවා යැවීමට අද (01) දින පියවර ගෙන තිබෙනවා.

මොහු 40 හැවිරිදි සිරියානු ජාතිකයෙක්.

මොහු ඉකුත් වසරේ ජර්මනියට පිවිස එහි සරණාගත භාවය ලබා ගෙන තිබෙනවා.

ඔහු අද (01) උදෑසන 09.50 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහුගේ ආගමන නිශ්කාශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නැව් සමාගම් නියෝජිතවරයා සමඳ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කාර්යය භාර නිලධාරීවරයා වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි අතර “අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය ” නොමැති වීම සහ වෙළෙඳ නාවිකයෙකු වශයෙන් තිබිය යුතු අනෙකුත් ලියකියවිලි ද ප්‍රමාණවත් පරිදි නොවීම නිසා ඔහුට රට තුළට පිවිසීම අත්හිහිටුවා, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙත පිටත් කර හැරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?