නැවකට යන්න ආ සිරියානු ජාතිකයෙක් ගුවන් තොටුපොළේදී ආපසු හරවා යවයි

වෙළෙඳ නාවිකයන් සඳහා සිය අනන්‍යතාවය තහවුරු කිරීමේ හැදුනුම්පත ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන ” අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය ” ( Continues Discharge Certificate ) නොමැතිව ත්‍රිකුණාමලය වරායේ නවතා ඇති නැවකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජර්මාණු සරණාගත භාවය හිමි නාවිකයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රට තුළට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ආපසු හරවා යැවීමට අද (01) දින පියවර ගෙන තිබෙනවා.

මොහු 40 හැවිරිදි සිරියානු ජාතිකයෙක්.

මොහු ඉකුත් වසරේ ජර්මනියට පිවිස එහි සරණාගත භාවය ලබා ගෙන තිබෙනවා.

ඔහු අද (01) උදෑසන 09.50 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහුගේ ආගමන නිශ්කාශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ නැව් සමාගම් නියෝජිතවරයා සමඳ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කාර්යය භාර නිලධාරීවරයා වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි අතර “අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය ” නොමැති වීම සහ වෙළෙඳ නාවිකයෙකු වශයෙන් තිබිය යුතු අනෙකුත් ලියකියවිලි ද ප්‍රමාණවත් පරිදි නොවීම නිසා ඔහුට රට තුළට පිවිසීම අත්හිහිටුවා, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙත පිටත් කර හැරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36