නැදිමාලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය වෙල් යායක් අසල දී සොයා ගැනේ

දෙහිවල – නැදිමාලේ ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බව කියන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

මෙම යතුරුපැදිය හමුව ඇත්තේ මීගොඩ – කළුවළදෙණිය ප්‍රදේශයේ වෙල් යායක් අසල අතහැර දමා ගොස් තිබියදියි.

අද දහවල් පොලිතින් කඩයක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු වුණා.