spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැතත් රට ගොඩගන්න ඍජු බදු වැඩි කරන්න ඕනෑ

ඍජු බදු අයකිරීම් වැඩි කළ යුතු බවත්,ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි දැම්මත් නොදැම්මත් කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා මෙරට බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු විය යුතු බවත්,අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (17) පැවසුවා.

අධිකරණ අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

2019 වන විට පැවති රජය ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අයකර ගැනීමේ බදු ප්‍රතිපත්තියක් සකස් කර තිබුණ ද එය එකවරම හිටපු ජනපතිතුමා විසින් වෙනස් කිරීම තුළින් රටේ අර්බුදයක් නිර්මාණය වු බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නා

හිටපු ජනපතිවරයා වැරදි ආර්ථික උපදෙස් දෙමින් නොමඟ යැවීමක් නිසා එය සිදු වූ බවත් ඇමැතිවරයා පැවසීය. තමන්ට ඒ වන විට බදු ෆයිල් හතරක් තිබූ බවත් පැවසු ඇමැතිවරයා බදු ගෙවීමට සුදුසුකම් නොමැති බව පවසමින් රජය බදු ෆයිල් තුනක් ම වසා දැමීමට ක්‍රියාකර තිබූ බව පැවසීය. නමුත් තමන් හෝ වෙනත් අයකු බදු ගෙවීමට නොහැකි යැයි කියා හෝ සහන දෙන ලෙසට ඉල්ලීමක් කර නොතිබූ බවත් කිසිදිනක බදු ගෙවීමට නොහැකි බවට පවසා නොමැති බවත් පැවසීය.

රජයේ ඉදිරි ආර්ථික දැක්ම අනුව අඩු ආදායම් තියෙන අයට වඩා වැඩි ආදායම් තිබෙන අයගෙන් බදු අයකර ගැනීමට ජනතා සහාය බලාපොරොත්තු වන බව පැවසූ ඇමතිවරයා බදු ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍ය‍ෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ ද පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ එතුමා

“පසුගිය අවුරුදු තුන තුළ මෙරට රාජ්‍ය බදු ආදායම ශීඝ්‍ර‍ෙයන් පහළ ගියා ඒක ඇත්ත. දළ වශයෙන් එක් අවුරුද්දකට රුපියල් බිලියන 600ක් රජයට බදු ආදායම් අහිමි වුණා. එතකොට රුපියල් බිලියන 1800ක් අහිමිව තිබෙනවා. රජයේ වාර්ෂික බදු ආදායමෙන් තුනෙන් එකක් අහිමි වුණා. එහෙමනම් අහිමිවුණු ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට රටේ බදු ආදායමේ වැඩි කිරීමක් කළ යුතුයි. එකවර ඉහළ බදු ප්‍රතිශතයක් නියම කරන්න ගියොත් රටේ ප්‍රශ්න ඇති වෙනවා. කිසිදු රජයක් බදු වැඩි කිරීම කැමැත්තෙන් කරන දෙයක් නොවෙයි. වක්‍ර බදු වැඩි කළොත් භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒ නිසා ඍජු බදුවලට යන්න වෙනවා.

අනෙක් කරුණු තමයි අපේ අපනයනවලින් සියයට හැත්තෑවක් පමණ යන්නේ ඇමරිකාව වගේ රටවලට‍. ජී. එස්. පී. සහනය අපට ලැබී තිබෙන්නේ ඇමරිකාවෙන් හා යුරෝපයෙන්. ඒවා අපිට අහිමි වුණොත් රට බරපතළ තත්ත්වයකට පත්වෙනවා. 2011 හා 2012 කාලවලදී ආණ්ඩුවේ ක්‍රියා නිසා අපිට ජී.එස්.පී අහිමි වුණා. 2015දී මේ රටේ නීති සංශෝධනය කරලා ප්‍රතිසංස්කරණ කරලා, තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ලා, 19 සංශෝධනය මගින් ප්‍රසම්පාදන කොමිෂන් සභා, විගණන කොමිෂන් සභා පිහිටුවලා ලොකු ප්‍රතිසංස්කරණ ගෙනල්ල ජී.එස්. පී. ගත්තා. එය අහිමි කරගන්නේ නැතුව වැඩ කටයුතු කළ යුතුයි. අයි.එම්. එෆ්. එක කිව්වත් නැතත් අපි අපේ රට ගොඩ ගන්න බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?