නැඟී එන ආසියානු කුසලානය උණුසුම් කළ ඉන්දු – බංගලි ගැටුම (වීඩියෝ)

නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව තරගයක් ඊයේ (21) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම තරගය පැවැත් වුණේ ඉන්දීය නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතරයි.

තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ඉන්දියාව ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 51කින් පරාජය කරමින්.

මෙහිදී බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ දී දෙපිළේ ක්‍රීඩකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා විනිසුරුවරුන්ට මැදිහත් වීමට සිදු වුණා.

බංග්ලාදේශ පිතිකරු සෞම්‍ය සර්කාර් දවාගැනීමට නිකින් ජෝස් රැකගත් විශිෂ්ඨ පන්දුවත් සමඟ මෙම උණුසුම් වාදය ඇති වුණා.

එම උඩ පන්දුව නීත්‍යානුකූල උඩපන්දුවක් ද යන්න පිළිබඳව සර්කාර්ට විශ්වාසයක් නොතිබූ අතර, එය තහවුරු කිරීම සඳහා පිටිය තුළ රැඳී සිටීමට ඔහු තීරණය කළා.

එම අවස්ථාවේ දී ප්‍රීති ඝෝෂා නඟමින් සිටි ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඔහුට පිටියෙන් පිටතට යන ලෙස සංඥා කළ අතර එහිදී දෙපිළේ ක්‍රීඩකයින් අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවන ආකාර දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32