spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් දුරින් භූ චලනයක්

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරකින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපාංකයේ 4.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවක් වාර්තා වී තිබෙනවා.

භූමි කම්පා සහ ස්වභාවික ව්‍යසන සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වෝල්කැනෝ ඩිස්කවරි නමැති වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම භූමිකම්පාව සිදුවී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් ගැඹුරින්.

එහි කම්පනය ආසන්න වශයෙන් දැනෙන නගර ලෙස සඳහන් කර ඇත්තේ මඩකලපුව, කල්මුණේ, අම්පාර, එරාවූර්, ආදී නැගෙනහිර නගර කිහිපයක්.

කෙසේ වෙතත් එවැනි භූ කම්පන තත්වයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලින් කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?