නැගෙනහිර පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනපති කියයි

1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්ක ගත වැඩපිළිවෙළ ද කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රීකුණාමලය ගුවන් හමුදා කදවුරේ අද (24) පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.

දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛ සාධකය ඉඩම් වන අතර එය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන නොගියහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේ.

එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදි කිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අද මෙම රැස්වීම කැඳවනු ලැබුවේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගමෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා. එම සැලැස්ම පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. අප එය ක්‍රියාත්මක කළයුතුයි එම සංවර්ධන සැලැස්මට අනුව වෙරුගල්ආරු සිට පානම, කුමන මුහුදු තීරය දියුණු කිරීමටත් වැඩසටහනක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මුහුදු තීරය භාවිතා කිරීම එමගින් අපේක්ෂා කරනවා.

ඒ සමඟම මේ ප්‍රදේශයේ නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අනෙකුත් ප්‍රදේශත් මේ සඳහා එක් කරගත යුතුයි. එසේම මහවැලි අධිකාරිය සහ ඉඩම් දෙපාර්තමේන්තුවත් ඊට දායක කරගත යුතුයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවර, කෘෂිකර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ඇති වන මෙම නව දියුණුවත් සමඟ ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත් කළයුතුයි. ත්‍රිකුණාමලයෙන් පසුව මඩකළපුවටත්,අම්පාරටත් එම සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි.

විශේෂයෙන් ඉඩම් ගැටලු නිරාකණය කර ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. එහිදී මහවැලි ඉඩම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා දියුණු කළහැක්කේ කෙසේද කියා සොයා බැලිය යුතුයි.

එසේම ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ දී මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන 1985 සැලැස්මට අනුව තිබෙන ඉඩම් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. නමුත් නැගෙනහිර පළාත තුළ ඇතැම් ඉඩම් කොටස් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ගැසට් කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

විවිධ ආගමික ස්ථාන සඳහාත් ඉඩම් වැඩි වශයෙන් ලබාදී තිබෙන බව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුණා. එම නිසා තරගකාරී ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතුයි. එහිදී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, පළාතේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර නිවැරදි තීරණයකට එළැඹීම ඉතා වැදගත් බව කිව යුතුයි.

1985 දී මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එඩිම්බරො ආදිපාදවරයා මෙහි පැමිණ ලබා දී තිබූ ඉඩම් මේ වන විට වනජීවී අමාත්‍යාංශය විසින් වනාන්තර ලෙස ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වන ගහණය සියයට 32ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතුයි. එය එසේ පවතිද්දී අනෙක් ඉඩම් රටේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත යුතුයි.

අද සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවල සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අසීමිත ලෙස යොදවා තිබෙනවා. මම පසුගියදා සිදු කළ සිංගප්පූරු සංචාරයේ දී එම රජය ශ්‍රී ලංකාවෙන් සහල් ඉල්ලා සිටියා. පසුගිය වසරේදී අප ඔවුන්ගෙන් සහල් ඉල්ලා සිටියා වගේම මේ වසරේ දී ඔවුන් අපෙන් සහල් ඉල්ලනවා. ඒ නිසා නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇතිකර කෘෂි නිෂ්පාදන තුළින් ලෝක ආර්ථිකය ජයගැනීමට අප කටයුතු කළ යුතුයි. ‍

ත්‍රිකුණාමලය සංවර්ධනය සැලස්ම කඩිනමින් ක්‍රියාත්මක කර අප මෙම සංවර්ධන අරමුණු ජය ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා කැපවනු ඇතැයි මම අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18