නැගෙනහිර පාසල්වල කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

අද (20) දිනයේ වසා දැමූ නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (21) සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී වසා දැමීමට තීරණය කළා.