නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය මුළුමණින්ම නීත්‍යානුකූලයි – නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්

නැ‍ගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව මහවැලි අමාත්‍යාංශය මගින් සිදුකරන අතර එම කටයුතු කිසිවිටෙකත් වාර්ගික හා ආගමික පදනමින් සිදු නොකරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා.

එසේම නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පාර්ශ්වවලට එරෙහිව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා,

යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව නැගෙනහිර පළාතේ මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් යළි එම ප්‍රදේශවල පදිංචි වීමට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකාර්මික සහ කිරි ගොවීන් වෙනුවෙන් අදාළ ඉඩම් ලබාදීමට කටයුතු කළා.

මයිලත්තමඩු ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේදී පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවලින් විශාල පිරිසක් ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා පිට දිස්ත්‍රික්කවල සිට පැමිණි ගොවීන්ට තාවකාලිකව දිරි දීමනා මුදලක් ලබාදීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශවල ජනතාව ද මේ ප්‍රදේශවල ඉක්මනින් පදිංචි කිරීම පිළිබඳව ද සොයා බලමින්තිබෙනවා. එ‍සේම යුද්ධයට පෙර මයිලත්තමඩු – දිවුලපතාන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මහවැලි අමාත්‍යාංශය මගින් නීත්‍යානුකූලව කරගෙන යනු ලබනවා.

මීට අමතරව රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින අයගේ ඉඩම් පවරා ගනිමින් ඔවුන් රජයේ ඉඩම්වල නීත්‍යානුකූලව පදිංචි කිරීමට ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ සමඟම මහවැලි ව්‍යාපාරය සඳහා නැඟෙනහිර කෝරළයිපත්තු ප්‍රදේශයෙන් දෙමළ ජනතාව ද, නාවලඩි ප්‍රදේශයෙන් මුස්ලිම් ජනතාව ද ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ජාති ආගම් මත පදනම්ව නොවන බවත් අවධාරණය කළ යුතුයි. එම කටයුතු මුළුමණින්ම සිදු කරන්නේ නීත්‍යානුකූල ආකාරයටයි. එමෙන්ම ඉඩම් බෙදාදීමේ කටයුතු සිදුකෙරෙන්නේ ද ග්‍රාම සේවක නිලධාරීන් ලබාදෙන දත්ත පදනම් කරගෙනයි.

එම සියලු කරුණු සැලකිල්ලට ගෙන සියලුම ජනවර්ග සඳහා ශ්‍රී ලාංකිකයෙකු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එම නිසා නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව තෙවැනි පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16