නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 2024 මැද වන විට නිම කිරීමට ඉලක්කයක්

කොළඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.

මෙම ඉදිකිරීම් ලබන වසරේ මැද වන විට නිම කර මෙහෙයුම් ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉලක්ක කර ඇත්තේ.

මෙම පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1400ක් වන අතර ඉදිකිරීම් නිමවීමෙන් පසු මෙගා නැව් 03ක් එකවර නැංගුරම් දැමීමට හැකියාව ලැබෙනු ඇති.

නෞකාවලින් බහලුම් ගොඩබෑම සඳහා ගැන්ට්‍රි දොඹකර 12ක් සහ බහලුම් තැන්පත් කිරීම සඳහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරනු ලබන අතර බහාලුම් අංගනයේ වපසරිය හෙක්ටයාර් 75ක්.

වසරකට බහාලුම් මිලියන 03ක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති නැගෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 585ක් වැයවන අතර සියලු මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වැය කිරීමට නියමිතයි.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස චයිනා ඉංජිනියරින් සහ ඇක්සස් ඉංජිනියරින් යන සමාගම් කටයුතු කරනු ලබනවා.

මෙම ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අනතුරුව අමාත්‍යවරයා කියා සිටි‍යේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිකරනු ලබන මෙම නැගෙනහිර පර්යන්තය, වරාය තුළ තිබෙන වටිනාතම පර්යන්තය බවයි.

එබැවින් මෙම පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් හා ගුණාත්මක භාවයෙන් යුතුව ඉදි කර ගැනීමට වාද භේද නොමැතිව එකා මෙන් එක්ව කටයුතු කල යුතු බවයි ඔහු සඳහන් කළේ.

එසේ නොවුන හොත් මෙම පාඩුව බලපාන්නේ තමාට නොව වරාය සේවකයන්ට බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආසියාවේ වරායවලින් ප්‍රධානතම වරායක් ලෙස කොළඹ වරාය නම් කළ හැකි වන අතර මෙය ආසියාවේ කේන්ද්‍රස්ථානය කර ගැනීමටත්, තවත් නැව් වරායට ආකර්ශනය කර ගැනීමටත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07