නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ෆ්‍රෙඩී ගමගේ දිවයිනට

නැගෙනහිර ටිමෝරයේ ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා එම සම්මානය රැගෙන කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබෙනවා.

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමිනුයි එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් ෆ්‍රෙඩී ගමගේ මහතාට මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

ෆ්‍රෙඩී ගමගේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදියෙකු, සිවිල් සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

නැගෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයක්.

මෙය 1975 වසරේ නොවැම්බර් 28 වනදා තෙක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති අතර එදින නිදහස ලැබූ එම රාජ්‍යය යළි දින ගනනාවකට පසු එනම් 1975 වසරේ දෙසැම්බර් මස 07 වනදා ඉන්දුනීසියාව විසින් අත් පත් කර ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවෙන් නිදහස ලබා ගැනීම සදහා එරට වැසියන් සමග ආසියා – පැසිෆික් කළාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරත වී තිබුණා.

මෙම අරගලයට සහභාගී වීම සදහා නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක්වී තිබෙනවා.

මෙම අරගලවල ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ මැයි මස 20 වැනි දින නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් වන අතර, එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මෙම වීර සම්මානය පසුගිය නොවැම්බර් මස 27 වනදා එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් පිරිනමා තිබෙනවා.

සම්මානය රැගෙන ඊයේ රාත්‍රී 11.48ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ MH- 179 දරන ගුවන් යානයෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔහු පිළිගැනීම සදහා මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05