නැගෙනහිර ජැටිය නොදුන් නිසා ඉන්දියාව කෝප වෙලාද?

මාධ්‍යවේදීන් භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් යටතේ අපේ රටේ රජයක් පිහිටුවන බව ඉන්දීය ඇමතිවරයෙක් සිදු කල ප්‍රකාශයක් සම්බන්ධව ඇසූ පැනයතට පිළිතුරු දෙමින් පරිසර ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවයි. එසේම අපේ රටේ නිදහසට හා ස්වයිරී භාවයට අත පොවන්නට කිසිදු රටකට හෝ කණ්ඩායමකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවයි.

මාධ්‍ය තුලින් කුමක් ප්‍රකාශ වූවත් රටේ ස්වාධීනත්වයට අත පෙවීමට කුමන රටක් සැරසුනත් වර්ථමාන රජය ඊට විරුද්ධ වන බවත්ය. රටේ සම්පත් කිසිම රටකට විකුණනවාට තමා විරුද්ධ බව ඇමතිවරය සඳහන් කලේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට නොදීම නිසා මෙවැනි අදහසක් ප්‍රකාශ කලා දැයි මාධ්‍ය වේදීන් ඇසූ පැනයට පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසීය.

මේ විදිහේ අදහසක් ඉන්දීය දේශපාලනඥයෙක් සඳහන් කරන්නට ඇත්තේ ජැටිය ඉන්දීය සමාගමට ලබා නොදීම නිසා වීය හැකි බවටද ඇමතිවරයා කියා සිටියා.

අප රටේ රජයක් පිහිටුවන්නේ මේ රටේ ජනතාව මිස ඉන්දියාවේ ජනතාව නොවන බවත්, රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රටක ජනතාව විසින් රජයන් පත් කර ගන්නා බවත් ඇමතිවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36