නාසා ගිය 2 ශ්‍රේණියේ සිසුවා (වීඩියෝ)

නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් ලොව ප්‍රථම ස්ථානය දිනාගැනීමට තිරප්පනේ ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සමත් වී තිබෙනවා

එම සිතුවම නාසා ආයතනය 2024 වර්ෂය සඳහා නිකුත් කරනු ලබන කැලැන්ඩරයට ද තෝරාගෙන තිබීම තවත් විශේෂත්වයක්.

සී.ජී. දහම් ලෝෂිත ප්‍රේමරත්න ඉගෙනුම ලබන්නේ තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2වන ශ්‍රේණියේ.

කුඩා කල සිට චිත්‍ර ඇදීමට ඉතා කැමැත්තක් දක්වන දහම් පාසල් මට්ටමේ චිත්‍ර තරග රැසකින්ම ජයග්‍රහණ ලබා ගෙන ති‌බෙනවා.

ලෝකය පුරා විහිදී සිටින අභ්‍යවකාශ ගවේෂණයට ඇලුම් කරන දරුවන් වෙනුවෙන් අමෙරිකාවේ නාසා ආයතනය සංවිධානය කළ ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය දහම් නියෝජනය කළ පළමු ජාත්‍යන්තර තරගාවලියයි.

වයස අවුරුදු 4 – 6 කණ්ඩ‌යේ පළමු තැන දිනා ගන්නට “අභ්‍යවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරිම” යන තේමාවෙන් සිතුවමක් නිර්මාණය කළ දහම්ට හැකි වුණා.

නාසා ආයතනය ලබන වසර සඳහා නිකුත් කරන දින දර්ශනයටත් එම චිත්‍රය ඇතුළත් වී තිබීම පුංචි දහම්ගේ සතුට දෙගුණ තෙගුණ වීමට හේතුවක්.

පන්ති කාමරයේ පාඩම් වැඩවලදීත් කැපී පෙනෙන සිසුවෙක් වෙන දහම් චිත්‍ර ඇඳීමට පමණක් නොව ගායනයටත් දස්කම් දක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16