spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාසා ගිය 2 ශ්‍රේණියේ සිසුවා (වීඩියෝ)

නාසා ආයතනය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයකින් ලොව ප්‍රථම ස්ථානය දිනාගැනීමට තිරප්පනේ ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සමත් වී තිබෙනවා

එම සිතුවම නාසා ආයතනය 2024 වර්ෂය සඳහා නිකුත් කරනු ලබන කැලැන්ඩරයට ද තෝරාගෙන තිබීම තවත් විශේෂත්වයක්.

සී.ජී. දහම් ලෝෂිත ප්‍රේමරත්න ඉගෙනුම ලබන්නේ තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2වන ශ්‍රේණියේ.

කුඩා කල සිට චිත්‍ර ඇදීමට ඉතා කැමැත්තක් දක්වන දහම් පාසල් මට්ටමේ චිත්‍ර තරග රැසකින්ම ජයග්‍රහණ ලබා ගෙන ති‌බෙනවා.

ලෝකය පුරා විහිදී සිටින අභ්‍යවකාශ ගවේෂණයට ඇලුම් කරන දරුවන් වෙනුවෙන් අමෙරිකාවේ නාසා ආයතනය සංවිධානය කළ ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය දහම් නියෝජනය කළ පළමු ජාත්‍යන්තර තරගාවලියයි.

වයස අවුරුදු 4 – 6 කණ්ඩ‌යේ පළමු තැන දිනා ගන්නට “අභ්‍යවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරිම” යන තේමාවෙන් සිතුවමක් නිර්මාණය කළ දහම්ට හැකි වුණා.

නාසා ආයතනය ලබන වසර සඳහා නිකුත් කරන දින දර්ශනයටත් එම චිත්‍රය ඇතුළත් වී තිබීම පුංචි දහම්ගේ සතුට දෙගුණ තෙගුණ වීමට හේතුවක්.

පන්ති කාමරයේ පාඩම් වැඩවලදීත් කැපී පෙනෙන සිසුවෙක් වෙන දහම් චිත්‍ර ඇඳීමට පමණක් නොව ගායනයටත් දස්කම් දක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?