නාවික හමුදා සෙබළෙකුගෙන් නව වාර්තාවක්

දින 07යි පැය 11යි මිනිත්තු 17යි තත්පර 14කින් කිලෝමීටර් 586.1ක්, ගමන් කර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නාවික හමුදා සෙබළෙකු සමත්ව තිබෙනවා.

පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කරමිනුයි ඔහු මෙම නව වාර්තාවක් පිහිටුවනු ලැබුවේ.

මීට පෙර යුද හමුදා සාමාජිකයෙකු විසින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 10යි පැය 12යි මිනිත්තු 02කින් කිලෝමීටර් 580.16ක් ඇවිද, 2023 වසරේ සැප්තැම්බර් මස 17 වනදා පිහිටුවන ලද ශ්‍රී ලංකා වාර්තාව පසු කරමින් නව වාර්තාවක් පිහිටුවීමයි මෙලෙස සිදු කෙරුණේ.

ආර්.පී සමන් කුමාර සිරිවර්ධන නම් මෙම නාවික හමුදා සාමාජිකයා මෙම වාර්තාව පිහිටුවීම සඳහා ගමන් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 12 වනදායි.

ඔහු පූනෑව පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරේ සිට අනුරාධපුරය, පුත්තලම මාර්ගයෙන්, කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා දින 04කින් ළඟා වූ අතර, නැවත නිදහස් චතුරශ්‍රයේ සිට කඩවත, වරකාපොල, පොල්ගහවෙල, කුරුණෑගල, දඹුල්ල, මිහින්තලේ මාර්ගය ඔස්සේ පූනෑව කඳවුර අසලින් ඊයේ (19) සවස ජයග්‍රාහී ලෙස ගමන අවසන් කරනු ලැබුවා.

නාවික හමුදාපතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමේ පා ගමන, ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණ දායකත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනිශ්චය දායකත්වයෙන් සිදු කෙරුණා.

ඒ අනුව, මෙවැනි වාර්තා පිහිටුවීමේ ක්‍රියා පිළිවෙතට අනුව එක් දිනක් තුල ඇවිදීම සිදු කළ හැකි උපරිම පැය ගණන පැය 12ක්.

එම නිර්ණායකයන්ට අනුකූලව සාර්ථකව සිය ඉලක්කයට ළඟාවූ මෙම සෙබළා දින 07යි පැය 11යි මිනිත්තු 17යි තත්පර 14කින් කිලෝමීටර් 586.1ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබෙනවා.

නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අදාළ සහතිකය පිරිනැමීම පා ගමන අවසානයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයින් හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් නාවික හමුදා සාමාජික ආර්.පී සමන් කුමාර සිරිවර්ධනගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් ද එක්ව සිටියා.

  1. අතිශයින්ම දක්ෂයෙක් මෙවැනි වාර්තා බොහොමයක් තියන්නේ වෙනත් රටවල ජාතිකයෝ ශ්‍රි ලංකාවට මහා අභිමානයක් මෙවැනි අය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46