නාවික හමුදා මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු රැසක් නීතියේ රැහැනට හසුවෙයි

2022 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල සහ බෙදාහැරීමට තැත් කළ මත්ද්‍රව්‍ය, මත්පෙති, තහනම් භාණ්ඩ විශාල තොගයක් මෙන්ම මිනිස් ජාවාරමට සහ නීති විරෝධී මත්ස්‍ය ජාවාරමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා හා සැකකරුවන් රැසක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

ගත වූ වසර තුළ සිදු කළ වැටලීම් වලින් සහ නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරන ලද සමුද්‍රීය මෙහෙයුම් මඟින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී භාණ්ඩ ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

මත්ද්‍රව්‍ය මෙරටින් පිටු දැකීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් සිදු කල මෙහෙයුම් මඟින් පසුගිය 2022 වසරේ හෙරොයින් කිලෝ 1363 ග්‍රෑම් 503 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතම්පිටමයින් කිලෝ 148 ග්‍රෑම් 147 ක ප්‍රමාණයක්, හෂීෂ් කිලෝ 01 ග්‍රෑම් 105 ක්, කේරළ ගංජා කිලෝ 5731 ග්‍රෑම් 155 ක ප්‍රමාණයක්, දේශීය ගංජා කිලෝ 25 ග්‍රෑම් 285ක ප්‍රමාණයක් සහ කුෂ් හා අබිං ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, දේශීය ගංජා පැළ 41685 ක් ද විනාශ කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ධිවර යාත්‍රා 21ක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් 336ක් සහ විදේශීය යාත්‍රා 03ක් සමඟ විදේශීය ජාතිකයින් 21ක් ද අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 373ක ප්‍රමාණයක් සහ විදේශීය මත්පැන් බෝතල් 182ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 08 දෙනෙකු ද, නීතිවිරෝධී දුම්වැටි 54900ක ප්‍රමාණයක්, මත්පෙති 665033ක ප්‍රමාණයක් සහ මදන මෝදක ගුලි 1725ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 29 දෙනෙකුද පසුගිය 2022 වසරේදී නීතියේ රැහැනට හසුකරදී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී නීතිවිරෝධී ලෙස විදේශයන් වෙතින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කල කහ කිලෝ 2087 ග්‍රෑම් 770 ක ප්‍රමාණයක්, එනසාල් කිලෝග්‍රෑම් 192 ක ප්‍රමාණයක්, සියඹලා ‍කිලෝග්‍රෑම් 6500 ක ප්‍රමාණයක්, සාදික්කා කිලෝග්‍රෑම් 250ක ප්‍රමාණයක්, බීඩී ‍එතීමට භාවිතා කරනු ලබන කොළ කිලෝග්‍රෑම් 17315ක්, රසායනික පොහොර කිලෝග්‍රෑම් 1395ක්, කෘමි නාශක හා වල් නාශක බෝතල් 15664 ක් සහ පැකටි 20755 ක ප්‍රමාණයක්, රූපලාවන්‍ය භාණ්ඩ 9448ක් සමඟ ශ්‍රී ලාංකික ධිවර යාත්‍රා 07ක් හා සැකකරුවන් 45 දෙනෙකුද, විදෙස් ධිවර යාත්‍රා 02 ක් හා විදෙස් ජාතිකයින් 08 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබුනා.

නීතිවිරෝධීව සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2022 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මිනිස් ජාවාරම් සඳහා සම්බන්ධ යාත්‍රා 42 ක්, පුද්ගලයින් 1532 දෙනෙක්ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

මීට අමතරව ගජමුතු 46 ක ප්‍රමාණයක්, නීතිවිරෝධී ලෙස විදේශ ගත කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝ 02 ග්‍රෑම් 384 ක ප්‍රමාණයක් සමඟ ශ්‍රී ලාංකික යාත්‍රා 02 ක් හා සැකකරුවන් 39 දෙනෙකුද 2022 වර්ෂයේදී නාවික හමුදාව විසින් නීතියේ රැහැනට හසුකර ගනු ලැබුවා.

එමෙන්ම, මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී මත්ස්‍ය ජාවාරමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 36 ක් සහ ඉන්දීය ජාතිකයන් 264ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ පාර්ශවයන් වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46