නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 15 දෙනාගෙන් දෙදෙනෙක් රෝහල්ගත කරයි

තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී නාවික හමුදා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 15 දෙනාගෙන් දෙදෙනෙකු අසාද්‍ය තත්වයේ සිටීම හේතුවෙන් මන්නාරම් මහරෝහලට ඇතුලත් කල බවට මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය පැවසීය.

තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක සිටි 15 දෙනෙකු උතුරුමැද නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ධීවරයින් 15 දෙනා අතර අවුරුදු 15 ක් වයසැති කුඩා පිරිමි ළමයෙකුද සිටින බවට ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පැවසූහ.

අදාල ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව නාවික හමුදා නිලධාරීන් විසින් ධීවරයින් පිරිස මන්නාරම ධීවර පරික්ෂක නිලධාරීන්ට භාරදුන් අවස්ථාවේදී අවුරුදු 29 සහ 32 හැවිරිදි වයස්හි පුසවූ ධීවරයින් දෙදෙනෙකු දැඩි අසාද්‍ය තත්වයක සිටි බැවින් ඔවුන් තලෙයිමන්නාරම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම් මහරෝහලට මාරුකොට යවනු ලැබීය.

අත්අඩංගුවට ගත් සෙසු ධීවරයින් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44