නාවික හමුදාව ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මේ සමඟ බහුදින ධීවර යාත්‍රාවේ සිටිය දී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් හයදෙනා ද ගොඩබිමට රැගෙනවිත් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (01) දින සිදුකළ මෙහෙයුමක දී සැක සහිත මෙම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවා.