නාවික හමුදාවේ 75 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති බවයි.

දෙවන ලෝක සංග්‍රාමයක පෙර නිමිති ලොව පුරා පහළවීමත් සමඟ, දිවයිනේ වරාය ආරක්ෂාව සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සඳහා දේශීය නාවික බලයක කාලීන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්ෂක ආඥාපනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක් ස්ථාපනය කර තිබෙනවා.

දෙවන ලෝක සංග්‍රාමය නිමාවත් සමඟ, නාවික උපසේවයක් බවට පරිවර්තනය වන රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විතව, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින්, 1950 වර්ෂයේ දෙසැම්බර් මස 09 දින, ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත වුණා.

එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පරිවර්තනය වී තිබෙනවා.

මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිබවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරවයෙන් අනුස්මරණය කිරීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වර්තමානයේ නාවික උපාය මාර්ගික සැළැස්ම 2030ට අනුව, දේශිය ජලතීරයෙන් ඔබ්බට, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා මෙහෙයුම් සිදුකිරීම සඳහා අවශ්‍ය ශඛ්‍යතාවයෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් ක්‍රමිකව වර්ධනය වන නාවික හමුදාව, සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ ජාතික සමුද්‍රීය ආරක්ෂක අභිලාශය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46