UPDATE: නාවික හමුදාවේ රාජකාරියට බාධා කළ ඉන්දීය ධීවරයින් 11 දෙනා රිමාන්ඩ්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස එළැඹෙන පෙබරවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; ඊයේ (28) රාත්‍රියේ අදාළ ධීවරයින් පිරිස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම නියෝගය හිමි වූ බවයි.

27 වැනිදා රාත්‍රී කාලයේ දී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් සංචාරයේ යෙදෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරත වන බවට නාවික හමුදාවේ නිලධාරියෙකු විසින් කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුව ඇති අතර එහිදි නාවික හමුදා නිලධාරියාගේ රාජකාරී ගිනිඅවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ඇති බවත් එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එහිදී ධීවරයින් දෙදෙනෙකුගේ පාදවලට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර එම දෙදෙනා යාපනය මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවටත් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ධීවරයින් 11 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව කන්කසන්තුරය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14