නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා.

එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 73ක් පුරා පැමිණි දීර්ඝ ගමන් මගෙහිදී මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හා රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ත නාවික හමුදාවටත් සෙත්පතමිනුයි නාවික හමුදාව විසින් මෙම සර්ව ආගමික වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබුවේ.

ඒ අනුව, එම ආගමික වැඩසටහන් මාලාව යටතේ, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව පිරිනැමීම පෙරේදා (08) සන්ධ්‍යාවේ බෞද්ධාගමික වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කෙරුණා.

ඊයේ උදෑසන නාවික හමුදාපති විසින් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීම සිදු කරනු ලැබුවා.

එමෙන්ම, නාවික හමුදාපති විසින් මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික, ශ්‍රී දළඳා මාලිගාවේ තේවා කටයුතු භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන නාහිමිපානන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි නාහිමිපානන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපානන් ඇතුළු මල්වතු හා අස්ගිරි පාර්ශවයේ ගරුතර මහ සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි ගරුතර මහා සංඝරත්නය විසිපස් (25) නමක් විෂයෙහි දානය පිරිනැමිමේ පුණ්‍යකර්මය සිදු කරනු ලැබුවේ.

එහිදී, මහා සංඝරත්නය විසින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා විරුවන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම, සමස්ත නාවික හමුදාවට 73 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14