නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය දින දෙකකට වැසේ

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස එම කාර්යාලය යොදාගැනීමට ඇති හෙයින් මෙලෙස එය වසා තැබීමට තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.