නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරුණා.

කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් ලෙස සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා රෝඩ් දුම්රිය ස්ථානයට හා කිරුළපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා තිබෙනවා.

කොළඹ සිට 5.06 km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72m කින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වනවා.

කම්කරු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනය රැසකට යාබඳව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය එදිනෙදා රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගී ජනතාව විශාල පිරිසක් භාවිතා කරනු ලබනවා.

එකී මගී ජනයාගේ සුවපහසුව පිණිස මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග හරහා වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදිකිරීම, දෙවන වේදිකාවේ වහළය සැකසීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, දුම්රිය මගීන් සඳහා රැඳී සිටීමට සුවපහසු ආසන සැකසීම ඇතුළු නවීකරණ කටයුතු පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්‍රහය සහ NIO Engineering සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් යන අය ඇතුළු මහජන නියෝජිතයන්ද, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය, NIO Engineering සාමාජික ඉංජිනේරු ස්ටැන්ලි මොරේමඩ, MAGA Engineering ප්‍රධාන විධායක නිලධාරී පියදාස මදරසිංහ ඇතුළු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03