නාරාහේන්පිට කොළඹ බසයක් සොරා ගෙන ” උපයාගත් මුදලින් කුඩු බිව්” මත්ලෝලියා

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරණ සීමා පනවා තිබියදී ධාවනයෙන් ඉවත්ව නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හතලිස් පහකට අධික වටිනාකමකින් යුත් පෞද්ගලික බස් රථයක් සොරාගෙන තිබෙනවා

පසුව එය කැබලි කර කොටස් අලෙවිකිරීමෙන් පසු මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයකු කිරුලපන පොලීසිය විසින් බොරැල්ල ටී 20 ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා

අත්අඩංගුවට පත් සැකකරු පොතුහැර ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වූවකු බවයි පොලිසිය පවසන්නේ

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරු පොතුහැර ප‍්‍රදේශයෙන් මීට පෙර ටිපර් රථයක් හා ත‍්‍රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර හතක් බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයෙකු වන බවත් වයස අවුරුදු 16 දී පළමු සොරකම සිදුකර අධිකරණයෙන් දඬුවම ලැබූ අයෙකු බව ද අනාවරණය කරගෙන තිබෙනවා

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් පොදු ප‍්‍රවාහන සේවාව මේ වන විට නවතා දැමීම නිසා මාර්ග අංක 103 කොටුව – නාරාහේන්පිට මාර්ගයේ ධාවනය වන මෙම බස්රථය කිරුළපන බේස්ලයින් මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබියදී සොරාගෙන ගොස් ඇති බවට කිරුලපන පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ

පොලිස් නිලධාරීන් බස් රථය කිරුළපන සිට පෑලියගොඩ ප‍්‍රදේශය දක්වා රැගෙන ගොස් ඇති බවට මාර්ගය දෙපස සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේ දී තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා

අනතුරුව පෑලියගොඩ අවට පරීක්ෂා කිරීමේදී නවලෝක ක‍්‍රීඩාංගණය අසල නවතා තිබූ බස් රථය සොයාගනු ලැබූ අතර ඒ වන විටත් බස්රථයේ අතිරේක ටයරය, බැටරි දෙකක් සහ කාපට් කට්ටලය අස්ථානගතව තිබු බවයි පොලිසිය පවසන්නේ

තවදුරටත් ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී බස් රථය සොරකම් කළ පුද්ගලයා මීට වසර තුනකට පෙර බස් එම බස් රථයේම සේවය කළ කොන්දොස්තරවරයෙකු බවට බස්රථ හිමිකරු හඳුනා ගත් බවත් පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව බස් රථයෙන් සොරාගෙන අලෙවි කර තිබූ අමතර කොටස් පෑලියගොඩ ප‍්‍රදේශයේ ස්ථාන දෙකකින් සොයාගෙන තිබෙන බවත් වාර්තා වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40