spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාරම්මල දී මාරක අනතුරක් – ජීවිත තුනක් එතැනමයි (ඡායාරූප)

නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් අයගෙන් තිදෙනෙක්.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් වන බවයි නාරම්මල පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

1 6
2 6
3 6
4 4
5 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
16
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?