නාය යෑම්වලින් පමණක් මරණ 458ක් – අවදානම් ස්ථාන 15,000ක් හඳුනා ගැනේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වට මත පුද්ගල මරණ 635ක් මේ වනවිට වාර්තා වන අතර, පුද්ගල අතුරුදහන්වීම් 192ක් වාර්තා වනවා.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ නාය යාම්වලින් පමණක් පුද්ගල මරණ 458ක් මේ වනවිට වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය වෙත අවදානමට ලක්ව ඇති ස්ථාන පරීක්ෂා කිරීම් සඳහා ඉල්ලීම් 2053ක් ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (08) දිනයේදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර තිබූ නයයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව සඳහන් කළ ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර, ඒ අනුව දිස්ත්‍රික්ක 07කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කට ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි පැවසුවේ.

එමෙන්ම අධි අවදානම් ස්ථානවල ජීවත්වන පවුල් 15,000ක් පමණ හඳුනාගෙන ඇති බව සඳහන් කළ ඔහු, ඉන් 5,000ක පමණ ප්‍රමාණයක් ආරක්‍ෂිත ස්ථානවල පදිංචිකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44