නායකයෙක් ලෙස ඉස්මතු වූ හැටි ඊයේ තරගයෙන් පසු පාණ්ඩ්‍යා පළමු වරට හෙළිකරයි

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් නායකයෙකු ලෙසත් හර්දික් පාණ්ඩ්‍යාගේ දක්ෂතාව 2022 ආරම්භයේ සිට ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

ඔහුගේ නායකත්වයේ හැකියාවන් 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ මනාව ප්‍රදර්ශනය වූ අතර, එහිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දක්වා රැගෙන යාමට ඔහු සමත් වනවා.

එයින් ලැබූ පන්නරයෙන් විටින් විට ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිවන අතර, එහිදී ඔහු විස්සයි විස්ස තරග 08ක දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

එහිදී ඉන් තරග හයක් පාණ්ඩ්‍යාගේ නායකත්ව යටතේ ජයගෙන තිබීම විශේෂත්වයක්.

මේ අතර ඔහු අවසන් වරට ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ නිමා වූ ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය ද තරග දෙකට එකක ජයක් ඉන්දීය කණ්ඩායම සතු වුණා.

තමන් වයස අවුරුදු 16න් පහළ මට්ටමේ කණ්ඩායමක නායකත්වය දැරුවේ එක් වරක් පමණක් බවත් එහෙත් ඊට පෙර හෝ ඉන් පසුව කිසි දිනෙක නායකත්වය නොදැරූ බවත් ඊයේ තරගයෙන් අනතුරුව හර්දික් පාණ්ඩ්‍යාට පැවසුවා.

“මම කවදාවත් කනිෂ්ඨ ක්‍රිකට්වලට නායකත්වය දීලා නැහැ. මම 16න් පහළ වයසේදී, එක් කණ්ඩායමට නායකත්වය දුන්නා, නමුත් ඊට පස්සේ හැමෝම කිව්වේ මම මගේම ක්‍රීඩාවට අවධානය යොමු කළ යුතු බවයි, ඒ නිසා එතැන් සිට මම ඇත්තටම කණ්ඩායමක් මෙහෙයවා නැහැ,” යනුවෙන් පාණ්ඩ්‍යා තරගයෙන් පසුව සඳහන් කර සිටියා.

විශ්වාසවන්ත නායකයෙකු ලෙස තමාව තහවුරු කර ගැනීමට හැකිවීමේ ගෞරවය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අසීෂ් නේරාට හිමිවන බවයි පාණ්ඩ්‍යා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

“ආශිෂ් නේරා මගේ ජීවිතයේ විශාල වෙනසක් කළා. ක්‍රිකට් සිතුවිලි අතින් අපි ගොඩක් සමානයි. අපි වෙනස් පෞරුෂයන් දෙකක් විය හැකි නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් කළ අපි බොහෝ දුරට සමානයි. මම ඔහු සමඟ සිටි නිසා මගේ නායකත්වයට තවත් වටිනාකමක් එකතු කළා. මා දන්නා දේ හරියටම ලබා ගැනීමට එය මට උපකාරී වුණා. ක්‍රීඩාව ගැන මට යම් අවබෝධයක් ඇති බව මම නිතරම දැන සිටියා.” යනුවෙන් පාණ්ඩ්‍යා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14