නායකත්ව ඉනිමකින් ලකුණු එකතු කරගත් ශ්‍රී ලංකාව – ඔස්ට්‍රෙලියාවට ලකුණු 214ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමාවීමටත් පූර්වයෙන් සියලු දෙනා ම ලකුණු 214කට දැවී ගියා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ විදුලි පහන් කණුවල සිදු වන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මෙම තරගය අද ආරම්භ වූයේ පෙරවරු 10ට යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ තම කණ්ඩායමේ පිතිකරුවන් වෙත පළමු ව විශ්වාසය තබමින්.

නමුත් නායකයාගේ තීරණයට අදත් දුර්වල පිළිතුරක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ ජ්‍යේෂ්ඨයෝ වගකීම් සහගත පිතිකරණ කාර්‍යයභාරය අදත් අමතක කළේ එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට නම් තවත් හුරුපුරුදු දසුනක් බවට පත් කරමින්.

පළමු කඩුලු ද්විත්වයම ලකුණු 10කටත් පෙර අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කවදත් බලාපොරොත්තු තබාගෙන සිටි පැතුම් නිස්සංක ද ලකුණු 04කට දැවී ගියේ එය බලාපොරොත්තු සුන් කරමින් වන අතර අමාවකට හඳ පායන්නාක් මෙන් සාර්ථක වන අවිශ්ක ප්‍රනාන්දු ද එක් ලකුණක් ලබා සිටියදී ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණිය සමත් වුණා.

මෙම වර්ෂය ආරම්භයේ සිට අසාර්ථක පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් සිටින කමිඳු මෙන්ඩිස් ලකුණු 05කට දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලබාගත්තේ ලකුණු 19ක් පමණයි.

කෙසේවෙතත් එක පෙළට සේදි සේදි ගිය සිය කණ්ඩායමේ කඩුලු අතර හුදෙකලා සටනක නිරත වී සිටි නායක අසලංකට හෝරා කිහිපයකට සවියක් වෙමින් නවක තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ප්‍රවේසම්කාරී ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.

අසලංක සහ දුනිත් අතර ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගී තිබියදී වෙල්ලාලගේ දැවී ගියේ ලකුණු 30ක් ලබා සිටියදී මැතිව් ශෝර්ට් යොමු කළ පන්දුවක් ස්ටීවන් ස්මිත් විසින් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැකගනු ලැබීමත් සමගයි.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට පිත්තෙන් සාර්ථක වන්නට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ඉඩකඩ දුන්නේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් සීන් ඇබොට් කඩුලු 03ක් ද, ස්පෙන්සර් ජොන්සන්, ආරෝන් හාඩි සහ නෙතන් එලිස් කඩුලු 02ක බැගින් ද මැතිව් ශෝට් එක් කඩුල්ලක් බැගින් ද බිඳ හෙලුවා.

විශිෂ්ට ඉනිමක් සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නායක අසලංක පන්දු 126කදී සිය 15 වැනි එක්දින අර්ධ ශතකය මෙන් ම සිව්වැනි එක්දින ශතකය ද වාර්තා කරමින් ලකුණු 127ක් රැස් කරගත්තා.

අසලංකගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 05ක් ඇතුළත්.

ඒ අනුව පළමු එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන්ට හිමි වූ ඉලක්කය ලකුණු 214ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26