නායකත්ව ඉනිමක් අදත් අසලංකගෙන්

බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 16 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ පන්දු 60ක් වැය කරමින්.

අසලංකගේ අර්ධ ශතකයට විශිෂ්ට හතරේ පහර 08ක් ද ඇතුළත්.

මේ වනවිට කුසල් මෙන්ඩිස් සමග ලකුණු ගොඩනගමින් සිටින නායක අසලංක අතර ලකුණු 100ක ශක්තිමත් සබඳතාවක් ද ගොඩනැගී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 200ක්.