නාමල් රාජපක්ෂගේ පෙරකදෝරු සහතිකය ගැන අධිකරණයෙන් CID වෙත දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳ ව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද (03) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නිතීඥභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

රහස් පොලිසිය මගින් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබා ගැනීමට අදාළ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණදීමේ දී වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳ ව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවත් වැඩිදුරටත් පැවසුවා.

  1. බලාගෙන ගියාම මුන් උපන්දා ඉඳන්ම හොර කමයි බොරුවයි නෙ කර කර ඉඳල තියෙන්නෙ.
    මුන්ව ඉස්කෝල වලට දැම්මෙත් හොරට ද කියල පරීක්ෂණ කරන්න ඕනෙ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39