එන්නත්කරණ වැඩසටහනකට කඩා වැදී මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කළහකාරීව හැසිරීමේ සිදුවීම ඉතාම අවලස්සන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
අද දින පැවැති විශේෂ රැස්වීමක දීයි ඔහු මේ බව සඳහන් කළේ.
විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉතාම ක්‍රමානුකූල ලෙස සිදුකරගෙන ආ එන්නත්කරණ වැඩසටහනෙහි ප්‍රතිරූපය මෙම අවලස්සන සිදුවීම හරහා විනාශ වී ගිය බව ජනාධිපතිවරයා පැවසුවා.
ඒ මොහොතේ දී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් සමාව අයැද සිටියා.
එය අහම්බෙන් වූ සිදුවීමක් බවට යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුරු ග්‍රාමසේවා වසම් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනක දී අදාළ නගරාධිපතිවරයා වෛද්‍යවරියකට බැණ තර්ජනය කළ අතර පසුව එම වෛද්‍යවරිය සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ අදහස් පළ කිරීම පහතින්…














Ata pas nethi minisun nagaradipathi unama ohoma venawa
මේක අහඹු සිද්ධියක් කියල කියන්න බැහැ.අංක මුද්‍රණය කරල මිනිසුන්ට බෙදල,ඒ අයව අරං ඇවිත් කතා කරපු හැටි අහම්බයක් වෙන්න බෑ.හරි නං සමාව ඉල්ලන්න ඕන අහම්බයක් කියල කිව්ව එකටයි.