නාමල් අනුරාධපුර බන්ධනාගාරයේ LTTE රැඳවියන් හමුවීමට

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින එල් ටී ටී ඊ සැකකරුවන් පිරිසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ ඔස්සේ ඔවුන් ‍ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතින් තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හදිසි හමුවක් ඉල්ලා ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට දහවල් කාලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා එම එල්.ටී.ටී.ඊ රැඳවියන් හමුවීමට නියමිත බවයි.

පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි රඳවා සිටී එල්.ටී.ටී.ඊ සැකකරුවන් දෙදෙනකු තමන් ඉදිරියට කැඳවා ඔවුන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා තිබුණා.

මේ සමග මතුවූ දේශපාලන අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව මැදිහත් වීමට සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය ලොහාන් රත්වත්තේ අමතා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන්නා.ඒ අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුබසාධන අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම ඉල්ලා අස්වීම භාර ගෙන තිබුණා.

  1. නාමල් ගියා කියල මොනවා කරන්නද . ? ඒ සිර කරුවන්ට උන අසාදාරනය මානසික වෙදනාව දෙන්නෙ උන් . ත්‍රස්තයො උනත් උන්ට නීතියෙන් කටයුතු කරනවා මිස; මැරයන් තකාඩි ඇමතියන් ලවා බිය ගැන්වීම නරක දෙයක් ; ලෝහාන් ඉසසරත් මිනී මරල පුරුදු එකෙක් ; ඌත් ත්‍රස්තයෙක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46