නාමල්ට පොදුජන පෙරමුණේ අලුත් වගකීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම අද (27) දින පස්වරුවේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.