spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පැමිණිල්ලක් කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්ට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 05 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15)දින නියම කළා.

මෙම පැමිණිල්ල අද (15) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා ඇති බවත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙම නඩුවට අදාළ පැමිණිල්ල ලබන සැප්තැම්බර් මස පස්වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 25 ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්ට් නමැති සමාගමේ යෙදවීම තුළින්ද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහ පාලන රජය සමයේ මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?