නාමල්ගේ ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 වැනිදා කැඳවන ලෙසට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි.

එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කළා.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිටියේ, මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත්, එහි සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා, අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බව ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14