spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි

කටුගස්තොට – හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා .

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත .

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන තැනැත්තෙක් වන අතර , තැඹිලි හා කලු කොටු සහිත් අත් කොට කමිසයක් , කලු පැහැති දිග කලිසමක් සහ දුඹුරු පැහැති සපත්තු පැළඳ සිට තිබෙනවා .

මෘත ශරිරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

මේ අතර තවත නාඳුනන මළ සිරුරක් – පල්ලෙකැලේ වික්ටෝරියා ජලාශයේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නෑ .

ඔහු වයස අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන උස අඩි 04 අගල් 07 පමණ වන අතර කහ පාට දිග කලිසමක් හැඳ සිට තිබෙනවා.

මෘත ශරිරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?