නානුඔයේදී අනතුරට ලක්වූ බසය මගී ප්‍රවාහන බලපත්‍රයක් නොමැති එකක් බව ගැමුණු කියයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථය නිත්‍යානුකූල බලපත්‍ර හිමි මගී ප්‍රවාහන බස් රථයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියාසිටියේ අදාළ බස් රථය පෞද්ගලික විනෝද චාරිකා සඳහා පමණක් යොදා ගන්නා බස් රථයක් වන බවයි.

අධ්‍යාපන චාරිකාවක් සඳහා බස් රථයක් තෝරා ගැනීමේදී රක්ෂණ සහතික ඇතුලු ලිපි ලේඛණ පරීක්ෂා කර බලා අදාළ ප්‍රවාහන කටයුතු සඳහා නියමිත පිළිවිතරයන් ඇතුලත් බස් රථයක් තෝරා ගැනීම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගකීමක් වන බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම පාසල් ළමුන් මෙලෙස රැගෙන යන්නේ විනෝද චාරිකා ද අධ්‍යාපන චාරිකා ද යන්න සම්බන්ධයෙන් දෙමාපියන් සහ වැඩිහිටියන් දෙවරක් සිතා බැලිය යුතු වන අතර අවදානම් ස්ථානවල විනෝද චාරිකා සහ අධ්‍යාපන චාරිකා සඳහා ළමුන් රැගෙන නොයෑම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ වගකීමක් බව ද බස් හිමියන්ගේ සභාපතිවරයා සඳහන් කරනවා.

ඔහු කියාසිටියේ අනතුරට ලක්වූ බස් රථය මාර්ග නීති කඩකරමින් අධික වේගයෙන් ධාවනය වී ඇතැයි පැවසෙන අතර මෙම බස් රථය සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් බස් රථවල ප්‍රමිතිය මෙන්ම රියදුරන් සහ සේවකයන් පිළිබඳව වැඩිදුර සොයා බැලීම පොලීසිය විසින් සිදුකළ යුතු බව ද ගැමුණු විජේරත්න අවධාරණය කර සිටියා.

අනතුරට ලක්වූ බස් රථය මීට පෙර මාර්ග අංක 280 සහ 315 මාර්ගවල ධාවනය කර ඇති අතර හිමිකරු විදේශගත වීම හේතුවෙන් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කර විශේෂ චාරිකා සඳහා පමණක් යොදාගෙන ඇතැයි ඔහු සඳහන් කරනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ පාසල් ළමයින් අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යාමට තම සංගමය විසින් බස් රථ ලබාදෙනු ලැබුවේ යෝග්‍යතා සහතික බලපත්‍ර මෙන්ම රක්ෂණ සහතික ඇතුළු ප්‍රධාන ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසුව බවයි.

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්වූ අතර පාසල් සිසුන් ඇතුලු 53 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

පාසල් සිසුන් රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථය වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටී අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇදී ගොස් තිබුණා.

අනතුරින් මරණයට පත්වුයේ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුලු 6 දෙනෙකු සහ ත්‍රී රෝද රථයේ රියදුරායි. මෙම බස් රථය ධාවනය කළ රියදුරා ද තුවාල ලබා මේවන විට නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

https://youtu.be/tmqg6oD3XBw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42