නාඩගම්කාරයෝ මන්ත්‍රීතුමා මේ දවස්වල මොකද කරන්නේ …?

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යක් ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ නාට්‍ය හැඳින්විය හැකියි. එහි මන්ත්‍රීතුමාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ යොවුන් රංගන ශිල්පී දුලංජ දිල්ෂාන්. සාරවිට මෙවර කතාබහ සඳහා අප දුලාංජ දිල්ෂාන්ව සම්බන්ධ කරගත්තේ මේ විදිහට.

මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කළොත්?

මේ දවස්වල නාඩගම්කාරයෝ රූගත කිරීම් සිදුවනවා. ඊට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අළුත් ටෙලි නාට්‍යක වැඩ කටයුතු සිදුවනවා. ඊට අමතරව මම මේ දවස්වල ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ මගේ ගුරු වෘත්තියට. මම පුත්තල ආඩිගම මහ විදුහලේ ගුරුවරයෙක්. ළමයින්ට කොරොනා නිසා ගොඩක් කාලයක් අධ්‍යාපනය ලබාදෙන්න බැරි වුණා. ඒ නිසා මේ දවස්වල වැඩි අවධානයක් දීලා තිබෙන්නේ ගුරුවරයෙක් විදිහටයි.

නාඩගම්කාරයෝ මන්ත්‍රීතුමාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මන්ත්‍රීතුමාට ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නේ චරිතය කෙසේවෙතත් මේ නාට්‍ය ප්‍රේක්ෂකයෝ ඉතා ආදරයෙන් වැළඳගෙන තිබීමයි. ප්‍රේක්ෂකයෝ නාට්‍යයේ හැම චරිතයකට වගේ කැමතියි. ඉතින් රඟපෑම සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හිතන්නේ නැති විදිහේ ප්‍රතිචාර හම්බෙනවා.

මන්ත්‍රීතුමාගේ චරිතයෙන් නිරූපණය කරන්නේ වර්තමාන දේශපාලනයේ ස්වභාවයද?

ඔව්. ඇත්තටම මන්ත්‍රීතුමාගේ චරිතයෙන් මම දකින්නෙත් මේ රටේ තිබෙන දේශපාලනයේ කැත අජූවකම තමයි. මොකද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නෙත් දේශපාලනය නිසානේ. හරි දේශපාලනයක් තිබුණා නම් අද වනවිට මේ රට ආර්ථික මට්ටමෙන් හෝ සංවර්ධනයෙන් හෝ පල්ලෙහාට ඇදිලා යන රටක් නෙවෙයි. අපි එන්න එන්න අන්ත දුගී රටක් බවට පත්වෙලා තිබෙනවා. ඒකට හේතුව දේශපාලනය. දේශපාලන වාසි තකා වැඩ කරන දේශපාලඥයන්ගේ එක නියෝජනයක් තමයි මගේ චරිතයෙන් එළියට එන්නේ. රට වලපල්ලට දාලා තියෙන්නේ දේශපාලඥයෝ. ඒ හැම කෙනාවම ගේන්නේ නැතුව ඒ හැමෝගේම තිබෙන කැත ගති ටික මගෙන් පෙන්වනවා කිව්වොත් ඒක තමයි හරි. මේ රටේ දේශපාලනයක් නැහැ. තමන්ගේ වාසි තකා කපටිකමින්, මිනිසුන්ව සූරාකමින්, මිනිසුන්ට බෝලේ බස්සමින් වැඩ කරගන්නා දේශපාලඥයෝනේ ඉන්නේ. මොන දේශපාලඥයත් එහෙම තමයි. ඒ හැමෝගේම චරිත ලක්ෂණ ටික පෙන්වන්න තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ මන්ත්‍රීතුමාගේ චරිතයෙන් උත්සාහ කරලා තිබෙන්නේ. ඉතින් ඒ අජූවකම තමයි මගේ චරිතයෙන් නිර්මාණය වන්නේ.

පසුගිය දවසක සම්මානයකුත් ලැබුණානේ. ඒ ගැන කිව්වොත්?

ඔව්. ඒ සම්මානය ලැබුණේ ඇත්තටම මම ගුරුවරයෙක් ලෙස සේවය කරද්දි මමයි ශිරාන් ලක්ෂිත කියන මගේ යාළුවායි නාට්‍යක් කළා ළමයින්ව දාලා. ඒ නාට්‍යයට හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, නිෂ්පාදනය වැනි සම්මාන කිහිපයක් ලැබුණා වයඹ පළාත් රාජ්‍ය නාට්‍ය උළෙලේදි. ඒක ළමයි වෙනුවෙන් කළ නාට්‍යක්. ඒකට බොහෝ දෙනෙක් උදව් වුණා. ඒ හැමෝටම ස්තූතියි කරනවා.

දුලංජගේ ආරම්භය වේදිකාවද?

ඔව්. මම ටවර් හෝල් නාට්‍ය පාසලෙන් නාට්‍ය හදාරලා වේදිකාවට සම්බන්ධ වෙන්නේ. කොළඹ යාළුවෝ, ගමෙන් කොළඹට ආපු යාළුවෝ අපි එකතු වෙලා නාට්‍ය උළෙලවලට වේදිකා නාට්‍ය කරන්න පටන් ගත්තා. ඒ වගේම ජනප්‍රිය නළු නිළියෝ රඟපාන වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම වේදිකාව පිටුපස ඉඳලා රංගාලෝකයෙන්, වේදිකා පරිපාලනයෙන් වැඩ කරලා තිබෙනවා. වේදිකා නාට්‍ය කර කර ඉන්න අතරතුර IMPAS ආයතනය හරහා තමයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඒ දේවල්වලින් තමයි අද මම මෙතැනට ඇවිත් ඉන්නේ.

ඔබව ටෙලි නාට්‍ය තුළින් දකින්න ලැබෙන්නේ වෙනස් වෙනස් චරිතවලින්. චරිත භාර ගනිද්දි තෝරා ගැනීම් කරනවාද?

මෙහෙමයි. මේ ලැබුණු නාට්‍යවලදි මම චරිත තෝරාගෙන නැහැ. මොකද මම IMPAS ආයතනයෙන් ඉගෙනගෙන තිබෙනවා. මට පුංචි තිරයට සම්බන්ධ වෙන්න ඕනේ නිසා මම තෝරාගැනීමක් කළේ නැහැ. හැබැයි මට ලැබුණු චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත. ඒකට ස්තූතියිවන්ත වෙන්න ඕනේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාට සහ ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහතාට. ඒක මට වාසනාවක් වුණා. ඒක හැම නළු නිළියෙක්ට ලැබෙන අවස්ථාවක් නෙවෙයි. හැබැයි ඉදිරියේදී තෝරාගැනීම් සිද්ධ වෙයි.

මෑත කාලයේදී වේදිකාවේ ඉන්න බොහෝ ශිල්පීන්ට ටෙලි තිරය විවෘත වුණා. ඒ ගැන ඔබේ අදහස කොහොමද?

ඇත්තටම මට ඒ ගැන සතුටක් තිබෙන්නේ. වෙන කිසිදෙයක් නැහැ. සතුටුයි. මොකද මාත් එක්ක එකට වේදිකා නාට්‍ය කරපු, වේදිකාවේ පිටුපස වැඩ කරපු අය අද වෙද්දි හොඳ තැන්වල ඉන්නවා. වේදිකාවේ වැඩ කරන ශිල්පීන්ට ටෙලි නාට්‍ය ලැබෙනවා කියන්නේ ටෙලි නාට්‍ය කලාවත් හොඳ විදිහට ගොඩ එනවා. වේදිකාව තුළ විශාල හැදෑරීමක් තිබෙනවා. අද වෙද්දි ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් ඉන්නවා අපේ පරම්පරාවේ අය. තව තව වේදිකාවේ ඉන්න දක්ෂයන්ට තිරයට එන්න අවස්ථාව ලැබෙන්න ඕනේ.

ඔබ ජෑම් මිනි සීරිස් එකෙත් දකින්න ලැබෙනවා. ඒ ගැනත් කියමු?

ඔව්. මම ජෑම් මිනි සීරිස් එකේ රඟපානවා. මට ඒ ගැන තියෙන්නේ පට්ට සතුටක්. මගේ වයසේම ඉන්න මගේ කොල්ලෝ ටිකක් අපි අපි එකතු වෙලා මේ වැඩේ කරන්නේ. ඒ වැඩේ ප්‍රතිපලයක් තිබෙනවා. ජෑම් අද වෙද්දි මිනිස්සු අතරට ගිහිල්ලා තිබෙනවා. හොඳ විදිහට පත්තු වෙලා තිබෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජෑම් අධ්‍යක්ෂණය ශානක උදාරගෙන්. ඒ වගේම ජෑම් පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි අපිව ගොඩ දාන්නේ. කැමරාවෙන් පිටුපස ඉන්න අය තමයි ජෑම් එකේ ශක්තිය. මගේ කොල්ලෝ එක්ක එකතු වෙලා මේ විදිහේ වැඩක් කරන්න ලැබීම ගැන මට මාර සතුටක් තියෙන්නේ.

ජෑම් මිනි සීරිස් එකට කලින් කොලොංබියා සීරිස් එක යූ ටියුබ් එකට ඇවිත් තිබුණා. ඒ හරහා මිනි සීරිස් කියන්නේ මොකද්ද කියලා මිනිස්සු දැනගනිමින් තිබුණා. ජෑම් එකට ඒකත් ලොකු සහයක් වුණා. ජෑම්, කොලොංබියා දෙකම අපේ අය කරන්නේ. ජෑම් සහ කොලොංබියා කියන්නේ වැඩ නැහැ වැඩ නැහැ කියලා කියන අයට හොඳ උදාහරණ. අද වෙද්දි අළුත් දේවල් හොඳ නිර්මාණවලට යූ ටියුබ් එකේ ඉඩක් තිබෙනවා. වැඩ කරන තරුණ කොල්ලන්ට යූ ටියුබ් කියන්නේ හොඳ තෝතැන්නක් තරුණ අපිට.

ටෙලි තිරයෙන් ජනප්‍රිය වුණාම වේදිකාව අත් හැරෙයිද?

අනේ නැහැ නැහැ. මම කවදාවත් ටෙලි නාට්‍යයෙන් ජනප්‍රිය වුණත් වේදිකාව අත් හරින්නේ නැහැ. මට දැනටත් කතා කරලා තිබෙනවා කෙටි නාට්‍යක් සඳහා. මම ඒකත් කරනවා. ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. ඒක සබන් පෙන වගේනේ. හැබැයි වේදිකාව ඇතුළේ වෙන ආත්ම තෘප්තියක් තිබෙනවා. ටෙලි නාට්‍යවල රඟපානවා. හැබැයි මට ජනප්‍රිය නළුවෙක් වෙන්න ඕනේ නැහැ. හොඳ නළුවෙක් වීමේ වුවමනාව තමයි මට තිබෙන්නේ. ටෙලි තිරයෙන් ජනප්‍රිය වුණා කියලා වේදිකාව අත් හරින්නෙත් නැහැ. හැදෑරීම අත් හරින්නෙත් නැහැ. ටෙලි තිරයෙන් ඕනෑවට වඩා ජනප්‍රිය වෙන්නෙත් නැහැ.

ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

දැනට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ටෙලි නාට්‍යට සම්බන්ධ වෙලා තිබෙනවා. රොහාන් පෙරේරා අයියාගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒක තව එන්න තිබෙනවා. ඒ වගේම අඳුන්ගිර ටෙලි නාට්‍යටත් එකතු වෙලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23