නාඩගම්කාරයෝහි සුදු චූටි වුනු සෙනාලි ෆොන්සේකා දැන් කියන කතාව

මේ දවස් වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන අතිශයින්ම ජනාදරයට පත්වුණු ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය කියලා කියන්නේ. මේ නාට්‍ය මේ දවස් වල ජනප්‍රිය බොහෝ චරිත අතර පාටලී, එහෙමත් නැත්තන් සුදු චූටි ඔබට මතක ඇති කියලා හිතනවා. ඇය සෙනාලි ෆොන්සේකා. නිලි රැජිනගේ පරපුරේ තවත් එක් පුරුකක් වන ඇය මේ වනවිට ක්ෂේත්‍රය තුල ජනාදරයට පත් රංගන ශිල්පිනියක්.

ඒ වගේම තමයි ඇය පහුගිය දවසක ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානයත් දිනා ගත්තා. ඉතින් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය රංගන ශිල්පිනිය මෙන්න මේ විදිහට තමයි ඇයගේ අලුත්ම කළා කටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් අපිට කිවුවේ. මගේ රංගන ජීවිතයේදී මට ලැබුන හොඳම සහ වාසනාවන්තම චරිතයක් තමයි නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ මම රඟපාන චරිතය.

මගේ ප්‍රථම චිත්‍රපටය උන සිරිපැරකුම් නිර්මාණයේදී මට මේ වගේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ශනයක් ලැබුණා. ඉතින් ඊට පස්සේ කරපු නිර්මාණ ජනප්‍රිය උනාට හිතාගන්න බැරි විදිහේ ආදරයක් මේ චරිතයට සහ නාඩගම්කාරයෝ එක්ක මට ලැබුණා. ආයෙත් මම මුල ඉදලාම මගේ කළා ජීවිතය ආරම්භ කළා වගෙයි. සුදු චූටි කියලා කියන්නේ මට සරා දීපු නමක්. ඒකට ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි කැමැත්තක් තියන හින්දම මගෙත් වැඩි කැමැත්තක් ඒ වෙනුවෙන් තියනවා. අද පාරේ බැහැලා යනකොට මට කතා කරන්නේ සුදු චූටි කියලයි මිනිස්සු.

මගේ නමේ සෙනාලි කියලා කියන එකේ තේරුම තමයි සේනාවේ අධිපතිනිය කියන එක. ඒ නම හැදෙන්නත් විශේෂ කාරණාවක් තියනවා. අම්මා සේනානි, ඒකෙන් සෙනා කියන එක අරගෙන තාත්තා උපාලි නිසා ලි කියන එක අරගෙන සෙනාලි කියන නම මට දාලා තියනවා. මන් කලින් සිරිපැරකුම් නිසා ජනප්‍රියම සම්මානය ලබා ගෙන තියනවා.

නමුත් ප්‍රේක්ෂකයන්ගේ ලොකු කැමැත්තක් ඇතිව ලැබූ සම්මානයක් තමයි මේ පාර මට ලැබුණේ. ඉතින් මේ සම්මානය මටයි සජිත අයියටයි ලැබෙන්න ඕනේ කියලා ප්‍රේක්ෂකාගාරය විස්වාස කරපු දෙයක්. ඒක වෙනමම හැඟීමක්. එවැනි සම්මානයක් ලබන්නට වේදිකාවට යන විට පුදුම සතුටක් තමයි තිබුනේ. මන් හිතුවේ නෑ එක මට ලැබේවි කියලා.

අපිට අපේ ජීවිතේ සිදුවෙන දේවල් ගැන නිශ්චිතව කියන්න බැහැ. වෙන්න තියන දේවල් වෙලාවට ජීවිතේ සිද්ද වේවි. ආදරය වෙලාවට ජීවිතයට ඒවි. ජීවිතය ගැන ආදරය ගැන මන් හිතන්නේ ඒ විදිහටයි කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08