නසීම් ෂා හදිසියේම රෝහල් ගතකරයි

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා නියුමෝනියාව වැළඳීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔහුට එංගලන්තය සමඟ එළෙඹෙන විස්සයි විස්ස තරග දෙක අහිමි වී යන අතර දෙරට අතර ඊයේ පැවති පස්වන විස්සයි විස්ස තරගයට ද ඔහු සහභාගී වූයේ නැහැ.

එමෙන්ම නවසීලන්තය, බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර ආරම්භවීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ද ඔහුට එක්වීමේ සැකයක් පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඔහුට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රකෘතිමත් වීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරු පවසන්නේ.

දැනට ආබාධයකට ලක්ව සිටින ෂහීන් ෂා අෆ්රිඩි වෙනුවට නිමවූ ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ වගකීම ගෙන කටයුතු කළේ නසීම් ෂා විසින්.

මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනාම රෝහල් ගතව සිටීම එම කණ්ඩායමේ ඉදිරි තරග සඳහා විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ.

මේ අතර දණහිසේ ආබාධයකට ලක්ව ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටින ෂහීන් ෂා අෆ්රිඩි ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් නුදුරේදීම පාකිස්ථානයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46