spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නසීම් ෂා හදිසියේම රෝහල් ගතකරයි

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා නියුමෝනියාව වැළඳීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔහුට එංගලන්තය සමඟ එළෙඹෙන විස්සයි විස්ස තරග දෙක අහිමි වී යන අතර දෙරට අතර ඊයේ පැවති පස්වන විස්සයි විස්ස තරගයට ද ඔහු සහභාගී වූයේ නැහැ.

එමෙන්ම නවසීලන්තය, බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර ආරම්භවීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ද ඔහුට එක්වීමේ සැකයක් පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඔහුට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රකෘතිමත් වීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරු පවසන්නේ.

දැනට ආබාධයකට ලක්ව සිටින ෂහීන් ෂා අෆ්රිඩි වෙනුවට නිමවූ ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු බලඇණියේ වගකීම ගෙන කටයුතු කළේ නසීම් ෂා විසින්.

මේ වනවිට පාකිස්ථාන කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනාම රෝහල් ගතව සිටීම එම කණ්ඩායමේ ඉදිරි තරග සඳහා විශාල පාඩුවක් බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ.

මේ අතර දණහිසේ ආබාධයකට ලක්ව ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටින ෂහීන් ෂා අෆ්රිඩි ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් නුදුරේදීම පාකිස්ථානයට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?