නසාවු තණ තීරුව ගැන අයි.සී.සීයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් භාවිත කරන නිව්යෝර්ක් හි නසාවු කන්ට්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ, අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ නසාවු තණ තීරුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර තණ තීරුවක් බවයි.

මේ හේතුවෙන් එම ක්‍රීඩාංගණය වෙනුවට අයි.සී.සීය වෙනත් විකල්පයක් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම නිව්යෝර්ක් හිදී ඉදිකළ මෙම ක්‍රීඩාංගණයේ තණ තීරුව ඕස්ට්‍රේලියාවෙන් රැගෙනවිත් එහි ස්ථාපිත කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ මේ වනවිට ලෝක කුසලානයේ තරග දෙකක් පවත්වා ඇති අතර, එහි පළමු තරගය පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

දෙවන තරගය ඉන්දියාව සහ අයර්ලනත්ය අතර පැවති අතර, එම තරගයෙන් පසුවයි අයි.සී.සීය මෙම නිවේදනය නිකුත් කළේ.

මෙම තරග දෙක තුළ දී තණ තීරුවේ සහ තණ තිල්ලේ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව දැකගන්නට හැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.

කෙසේ වෙතත් නිව්යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගණයේ දී මෙවර ලෝක කුසලානයේ තවත් තරග 06ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ද මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55