නසාවු තණ තීරුව ගැන අයි.සී.සීයෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් භාවිත කරන නිව්යෝර්ක් හි නසාවු කන්ට්‍රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ, අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ නසාවු තණ තීරුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර තණ තීරුවක් බවයි.

මේ හේතුවෙන් එම ක්‍රීඩාංගණය වෙනුවට අයි.සී.සීය වෙනත් විකල්පයක් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන්ම නිව්යෝර්ක් හිදී ඉදිකළ මෙම ක්‍රීඩාංගණයේ තණ තීරුව ඕස්ට්‍රේලියාවෙන් රැගෙනවිත් එහි ස්ථාපිත කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ මේ වනවිට ලෝක කුසලානයේ තරග දෙකක් පවත්වා ඇති අතර, එහි පළමු තරගය පැවැත් වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

දෙවන තරගය ඉන්දියාව සහ අයර්ලනත්ය අතර පැවති අතර, එම තරගයෙන් පසුවයි අයි.සී.සීය මෙම නිවේදනය නිකුත් කළේ.

මෙම තරග දෙක තුළ දී තණ තීරුවේ සහ තණ තිල්ලේ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව දැකගන්නට හැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවුණා.

කෙසේ වෙතත් නිව්යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගණයේ දී මෙවර ලෝක කුසලානයේ තවත් තරග 06ක් පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ද මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24